නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන එම දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසනවා.
පහරකෑමට ලක්වූ දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදා සාමාජිකයෙකු වන අතර, එම සැකකරුගේ විරුද්ධවාදීන් පිරිසක් සමග කතාබහ කර එම කරුණු සැකකරුට නොපවැසීම නිසාවෙන් මෙම පහරදීම සිදුකර ඇතැයි අනාවරණය වූ බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
Comments




