ගෝලිය ස්ත්‍රී – පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
වාර්ෂික ගෝලීය ස්ත්‍රී – පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයටයි.
නේපාලය දෙවන ස්ථානයේ පසුවන අතර, ඉන්දියාව පස් වන ස්ථානයේත් පාකිස්තානය 07 වන ස්ථානයේත් පසුවනවා.
ප්‍රධාන මානයන් හතරක් ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මනිනු ලබන අතර, 2006 වසරේ සිට මෙම ස්ත්‍රී පුරුෂ පරතර දර්ශකය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය අවම රට ලෙස පළමු ස්ථානය හිමිව ඇත්තේ අයිස්ලන්තයටයි.
එහි දෙවන ස්ථානය ෆින්ලන්තයට හිමිව ඇති අතර නොර්වේ රාජ්‍යය තෙවන ස්ථානයේත්, නවසීලන්තය සිව්වන ස්ථානයේත් ස්වීඩනය පස් වන ස්ථානයේත් පසුවනවා.
Comments




