spot_img
spot_img

පොලිස් වදකයින් 4කගේ තරු පටි ගලවා ගෙදර යවයි

අධිකරණයේ ඇප මත නිදහස්ව සිටි වීරකැටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

ඒ දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින හයකට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් සිදුවීමකට අදාලවයි.

වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍ර ජයවික්‍රම , මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත විජේසේකර සහ පොලිස් සැරයන් සමන් ජයවර්ධන යන නිලධාරීන්ගේ සේවය මෙලෙස අවසන් කර ඇත.

මාතර මහාධිකරණය පසුගිය ජනවාරි මස 27වනදා මෙම පොලිස් නිලධාරීන් හතර දෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 වැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.

මාතර මාලිම්බඩ පොලිසියේ සේවය කරමින් සිටියදී දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින හයකට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයකින් පසු නීතිපතිවරයා මෙම නිලධාරීන්ට අධිචෝදනා ගොනු කර තිබු අතර නඩු විභාගය වැඩිදුර කැඳවීම පෙබරවාරි මස 27 වැනි දිනට කල් තැබීය.

මේ සම්බන්ධයෙන් MediaLk YouTube නාලිකාවේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සිදුකළ විශේෂ අනාවරණයයෙන් පසුව මේ සම්බන්ධයෙන් පොලිස් නීති කොට්ඨාශය, පොලිස් නීති දිසාව, විනය හා කල්ක්‍රියා කොට්ඨාශය, විසින් සිදුකළ පරීක්ෂණ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම වැඩතහනම සිදුකර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...