රට තුළ භාවිතා කරන ලද වාහන මිල ගණන් නැවත වතාවක් ඉහල යමින් තිබෙනවා.
රජය විසින් නව බදු හඳුන්වාදීමත් සමඟ ආනයනය කරන වාහන වල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමග මෙම ප්රවණතාවය ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.
පැවැති බදු අනුපාත යටතේම නව වාහන ආනයනය සිදුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් පාරිභෝගිකයන් භාවිත කල වාහන මිලට ගැනීම අඩු කිරීම මත ආසන්න දින කිහිපය තුළ දෙවන පෙල වාහන සැලකිය යුතු ලෙස පහළ බැසීමක් සහ අලෙවි අඩුවීමක් දක්නට ලැබුණා.
කෙසේ නමුත් නව බදු හඳුන්වා දීමෙන් පසු ආනයනික වාහන මිල ගණන් ඉහල යාමත් සමඟ මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි පැවසෙන්නේ.
මෙරට වාහන අලෙවි කරන ජනප්රිය වෙබ් අඩවි කිහිපයකම ද එම මිල ඉහළ යාම පැහැදිලිව නිරීක්ෂණය කල හැකිය.
කෙසේ වෙතත් නව වාහන අනනයන මගින් මෙරටට ජනතාවට නියම මිල තව නොබෝ දිනකින් දැනගත හැකි අතර ඉන් පසුව නැවතත් සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල පහල යනු ඇති බවටයි ක්ෂේත්රයේ ප්රවීණයින් පෙන්වා දෙන්නේ




