විදුලි ගාස්තුව අඩුකිරීමට සාපෙක්ෂව බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමිය නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ ජයවර්ධන මහතා පවසනවා.
විදුලි ගාස්තු ,ඉන්ධන ගාස්තු ,ගෑස් මිළ ගණන් ඉහළ ගියද බේකරි නිෂ්පාදන මිල ඉහළ නොදැමූ බව හෙතෙම සදහන් කළා.
බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රධානතම අමුද්‍රව්‍ය වන පිටි, සීනි, බිත්තර සහ මාගරින් මිල ගණන් අඩු කළහොත් බේකරි නිෂ්පාදන මිල අඩුකරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.




