රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය ආරම්භ කළ උපායමාර්ගික වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන නොගියහොත් නැවත පෝලිම් යුගයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සමග පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ එම තත්ත්වය වළක්වා ගැනීම සියළු වෘත්තීයවේදීන්ගේ වගකීම වනු ඇති බවය.
මෙම හමුව සඳහා වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, කාන්තා සංවිධාන, වෙළඳ සංගම් හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිට තිබේ.
ඓතිහාසික වැදගත්කමකින් යුත් මඩකලපුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විභවතා හඳුනා ගනිමින් එහි සංවර්ධනයට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර තිබේ.




