spot_img
spot_img

ශ්‍රී ලංකාවට ලකුණු 32ක ජයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (04) පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 32ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දියාවට පන්දුවාර 42ක් පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208ක් පමණයි.

ඒ අනුව දෙවන එක් දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 32ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක Rohit Sharma අර්ධ ශතකයක් සමග ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වූ අතර Axar Patel ලකුණු 44ක් සහ Shubman Gill ලකුණු 35ක් රැස් කළා.

එමෙන්ම Virat Kohli ලකුණු 14කට දැවී ගිය අතර Shreyas Iyer ලකුණු 7කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් Jeffrey Vandersay කඩුලු 6ක් දවා ගත් අතර Charith Asalanka කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...