spot_img
spot_img

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධ පෙත්සම සලකාබැලීම අද

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වු පෙත්සම සලකා බැලීම අද (08) දිනයේ දී සිදුකිරීමට නියමිතයි.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලීම සිදු කරනු ලබනවා.

පෙත්සම සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පසුගියදා නම් කෙරුණා.

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙනතුරු දැනට සැලසුම් කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ව්‍යවසායකයෙකු වූ සී.ඩී. ලෙනව මහතා විසින් පසුගිය බදාදා මෙම පෙත්සම ඉදිරිපත් කළා.

මේ අතර, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මැතිවරණය කල්දැමීම සඳහා ආණ්ඩුව උතසාහ දරන්නේ නම් ඊට එරෙහිව නීතිය ඉදිරියේ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...