spot_img
spot_img

කොළඹ වරාය සංවර්ධනයට දෙන මුදල අඩු කරලා

කොළඹ වාරයේ පර්යන්ත ධාරිතාව පුළුල් කිරීම සඳහා ආයෝජනය කිරීමට පොරොන්දු වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 60 දක්වා අඩු කිරීමට චයිනා මර්චන්ට් පෝට් සමාගම තීරණය කර තිබෙනවා.

කොළඹ වාරයේ ජැටිය හෝ බහාලුම් අංගනය වැඩිදියුණු කිරීමට ඉඩ ලබා දිය නොහැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගියදා දැනුම් දීමෙන් අනතුරුව චයිනා මර්චන්ට් පෝට් සමාගම මෙම තීරණයට එළඹ තිබෙනවා.

කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ පාලන බලතල හිමිවී තිබෙන්නේද චයිනා මර්චන්ට් පෝට් සමාගමටයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක ආයෝජනයකින් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී අනුමැතිය ලබාදී තිබුණා.

එම තීරණය නිල කැබිනට් වෙබ් අඩවියේද පළවූ අතර, තිබෙන උපකරණ වැඩි දියුණු සහ නවීකරණය කරන අතරතුර කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය නව උපකරණ හඳුන්වා දීමටද කටයුතු කරනු ඇතැයි එහි සඳහන් වි තිබුණා.

එමෙන්ම කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීම සඳහා නව ඉදිකිරීම්ද සිදුවනු ඇතැයි එහි දක්වා තිබුණා.

පර්යන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීම ව්‍යාපෘතියේ අරමුණ වූ අතර, එවකට ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය මෙම ව්‍යාපෘතිය සඳහා බදු සහනයක්ද ලබා දුන්නා.

ව්‍යපෘතිය නිවේදනය කළ 2020 ගැසට් පත්‍රයට නව වගන්තියක් එක් කරමින් මෙම වසරේ මැයි මාසයේදී තවත් ගැසට් පත්‍රයක් නිකුත් වූ අතර ව්‍යාපෘති සමාගම 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාල සීමාව තුළ යෝජිත ධාරිතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතියට අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් හෝ ඊට සමාන මුදලක් ආයෝජනය කළ යුතු බවට එහි සඳහන් වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...