spot_img
spot_img

දුම්රිය ස්ථානාධිපතිවරුන් හෙට ලෙඩ වෙයි?

දුම්රිය ස්ථානාධිපතිවරුන් 922කගේ උසස්වීම්, බඳවාගැනීම් ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ඇමති මණ්ඩලයෙන් නොලැබුණහොත් හෙට (23) සිට යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයට යාමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එම සංගමයේ සභාපති සුමේධ නවරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, සිය ඉල්ලීම් 13ක් අතුරින් ඉල්ලීම් 6කට විසඳුම් ලබාදීමට ඇමතිවරයා පොරොන්දු වූ බවත් අද ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවට අනුව විසඳුම් අපේක්ෂා කරන බවයි.

කෙසේ නමුත්, එම ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ දුම්රිය සේවකයන් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුනහොත් ඔවුන් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මින්පසු දුම්රිය වර්ජන නොමැති බවත්, දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස ගැසට් පත්‍රයකින් ප්‍රකාශ කර ඇති බවත් දුම්රිය ක්ෂේත්‍ර සම්බන්ධව ගැටලුවක් පවතින්නේ නම් සාකච්ඡා කර විසඳුම් ලබාගැනීමට හැකි බවයි.

එමෙන්ම ජනතාව පීඩාවට පත්වන අන්දමේ වර්ජන කළහොත් රැකියාවෙන් ඉවත් කරන බවද, ඔවුන් ලංකාවේ නීතියට ගරු කළ යුතු බවද රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...