spot_img
spot_img

ශානි ගේ ආරක්ෂාව ගැන අධිකරණය දුන් නියෝගය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්‍ෂාව ලබන 29 වනදා තෙක් ඒ ආකාරයෙන්ම බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

තමන්ට ලබා දී තිබෙන ආරක්ෂාව තර කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මේ බව දැනුම් දුන්නා.

මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුවා.

එහිදී පෙත්සම්කාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා රිය අනතුරකට ලක් කොට ඝාතනය කිරීමේ සූදානම පවතින බවට තොරතුරු ලැබී ඇතැයි වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරීයේ පොලිස් කණ්ඩායම විසින් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් කර තිබෙන බව කියා සිටියා.

ඒ අනුව ඔහුට දැනට ලබා දී තිබෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

එහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුට මේ වනවිට ඔහුගේ නිවසේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදවා ඇති බවත් ගමන් බිමන් කටයුතු සඳහා තවත් නිලධාරීන් හතර දෙනකු යොදවා තිබෙන බවත් දැනුම් දුන්නා.

මෙම නිලධාරීන් හය දෙනාම ආයුධ සන්නද්ධව සේවයේ යෙදී සිටින බවත් රජයේ නීතිඥවරිය පැවසුවා.

එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ තම සේවාදායකයාට එල්ල වී තිබෙන තර්ජනවල ස්වභාවය අනුව මෙම ආරක්ෂාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

ඔහුගේ ගමන් බිමන් කටයුතු සඳහා ආරක්‍ෂාවට පොලිස් යතුරුපැදියක් ලබාදී තිබුණද එය අනතුරක් වළක්වා ගැනීමට ප්‍රමාණවත් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 29 වනදා කැඳවන ලෙසද නියෝග කළා.

එමෙන්ම පෙත්සම්කාර ශානි අබේසේකර මහතාට තිබෙන තර්ජන සම්බන්ධයෙන් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ පොලිස් කණ්ඩායම විසින් ඉදිරිපත් කර තිබෙන රහසිගත වාර්තාව මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් මෙහිදී නීතිපතිවරයාට වැඩිදුරටත් නියෝග කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...