spot_img
spot_img

කෝවිඩ් වලට කුරුල්ලන් පිට පිට මියයන “උසුටු” වෛරසය ගැන සෞඛ්‍ය අංශවලින් හදිසි අනතුරු ඇඟවීමක් – කෝවිඩ් වලට පස්සේ ලෝකයට එන ඊළඟ මාරක වෛරසය

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයට නිරිත දෙසින් පිහිටි ඇරන් දූපතේ කළු කුරුල්ලන් අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිතව මියයන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා හේතුව ලෙස මදුරුවන් මගින් සම්ප්‍රේෂණය වන උසුටු (Usutu) වෛරසය තහවුරු කර තිබේ.

1959 වසරේදී අප්‍රිකාවේදී ප්‍රථම වරට හඳුනාගත් මෙම වෛරසය, මේ වනවිට ස්කොට්ලන්තයේ ඇතැම් ප්‍රදේශවලද පැතිර යමින් පවතින බව නවතම අධ්‍යයනවලින් අනාවරණය වී ඇත.

විශේෂඥයින් සඳහන් කරන්නේ දුඹුරු-අළු වර්ණයෙන් යුත් කුලෙක්ස් පයිපියන්ස් (Culex pipiens) මදුරු විශේෂය මගින් මෙම වෛරසය සම්ප්‍රේෂණය වන බවයි. එම මදුරුවන්ගේ ව්‍යාප්තිය සහ වෛරසය පැතිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අඛණ්ඩ පර්යේෂණ ද සිදු කෙරෙමින් පවතී.

ස්කොට්ලන්ත වසංගත රෝග විද්‍යාඥ හෙදර් ෆර්ගියුසන් පෙන්වා දෙන්නේ, මදුරුවන්ගේ ජීවත්වීම හා ප්‍රජනනය සඳහා පමණක් නොව, ඔවුන්ගේ ශරීර තුළ වෛරසය වර්ධනය වීමටද උණුසුම් කාලගුණය අත්‍යවශ්‍ය වන බවයි.

ආසාදිත මදුරුවන් මිනිසුන් හෝ සතුන් දෂ්ට කිරීමෙන් වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බවද ඇය සඳහන් කර ඇත.

දැනට මෙම වෛරසය මහජන සෞඛ්‍යයට ක්ෂණික තර්ජනයක් ලෙස නොසැලකුවද, පක්ෂි ජනගහනයට එල්ල වන බලපෑම පිළිබඳව විශේෂඥයින් දැඩි අවධානය යොමු කර ඇත.

අධ්‍යයනවලට අනුව, යුරෝපයේ රටවල් කිහිපයක කළු කුරුල්ලන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවීමටද මෙම වෛරසය හේතු වී තිබේ. කළු කුරුල්ලන්ට අමතරව බකමූණන්, ගොදුරු පක්ෂීන් සහ තවත් පක්ෂි විශේෂ රැසකටද එහි බලපෑම් එල්ල විය හැකි බව වාර්තා වේ.

දේශගුණික විපර්යාස හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් අනාගතයේදී මදුරුවන් මගින් බෝවන රෝගවල අවදානම තවදුරටත් වැඩි විය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇති අතර, මෙම තත්ත්වය එවැනි අවදානම් පිළිබඳ වැදගත් අනතුරු ඇඟවීමක් ලෙස සැලකේ.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...