spot_img
spot_img

ඕලුගල ඇතුළු නිළධාරින් පිරිසක් ජොන්ස්ටන්ගේ හෝටලයක් වටලයි

නීති විරෝධී කටයුතු සිදුවන බවට ලද තොරතුරක් මත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව සඳහන් හෝටලයක් පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලද තොරතුරකට අනුව, වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂාව සිදුකර ඇති බව වාර්තා වේ. කොළඹ 02, ලිලී වීදියේ පිහිටි එම හෝටලය පරීක්ෂා කිරීමේදී කිසිදු නීති විරෝධී ද්‍රව්‍යයක් හෝ ක්‍රියාවක් හමු නොවූ බව පොලිසිය සඳහන් කරයි.

පරීක්ෂා කටයුතු සිදුකරන අවස්ථාවේදී නීතිඥවරුන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද එම ස්ථානයේ සිට ඇති අතර, ඔවුන්ගේ අධීක්ෂණය යටතේ පරීක්ෂාව සිදුකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පරීක්ෂාව සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අවසරයක් යටතේ කටයුතු සිදුකර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...