Thursday, April 30, 2026
spot_img
spot_img

ජාතික ආර්ථිකය අවදානමක

කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීම අත්හිටුවීමෙන් ව්‍යාපාරිකයන් දැඩි ගැටලුවකට මුහුණ පා සිටින බවත් එම ගැටලුව කඩිනමින් නිරාකරණය කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසනවා.

එම සංසදය මේ බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

අගෝස්තු මස 2 වැනිදා සිට කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීම අත්හිටුවීමෙන් නිසි ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නොමැති වීමෙන් නිල විදේශ ව්‍යාපාරිකයන්ට මෙරට පැමිණීමේදී දුෂ්කරතා ඇති වී ඇති බවත් මෙම තත්වය මෙරට ව්‍යාපාර කෙරෙහි අනිසි බලපෑම් ඇතිකර ඇති බවත් එම සංසදය පවසනවා.

අපනයන සහ ව්‍යාපාරික වර්ධනය සඳහා ජාත්‍යන්තර සහභාගිත්වය අත්‍යවශ්‍ය සාධකයක් බව කියන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ජාතික ආර්ථිකයේ අනාගතය වෙනුවෙන් විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තයට විදේශ ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගිත්වය අනිවාර්ය සාධකයක් බව ද එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...