Monday, April 20, 2026
spot_img
spot_img

විජේදාස ගෙනා යෝජනාව ඉවතට

වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමග ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් ඊට ලබාදෙන දඬුවම ලිහිල් කිරීමට අදාළව රජය ගෙන ඒමට යෝජිත සංශෝධන ඉල්ලා අස්කර ගත් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

අද (01) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසු අමාත්‍යවරයා

“මෙම පනත් කෙටුම්පත ජනාධිපති නීතීඥවරු වෙනත් නීතීඥවරු සහ වෘත්තිකයින් කිහිපදෙනෙකු එකතුවෙලා අවුරුදු 5ක් පමණ අධ්‍යයනය කරලා තමයි, මේ නිර්දේශය අධීකරණ අමාත්‍යාංශයට ලබාදුන්නේ.”

මේ නඩු මහාධිකරණයට එනකොට 90%ක්ම ඒගොල්ලෝ වැඩිවියට පත්වෙලා. විවාහ වීමට හැකියාව තියෙනවා. ඒ අයට දරුවොත් ඉන්නවා. සමහර අය බැඳලා. සමහර අය බඳින්න කැමතියි. නමුත් අනවාර්යය දඬුවමක් නිසා ඒ තරුණයා අනිවාර්යයෙන්ම අවුරුදු 10ක් හිරේ යවන්න ඕනේ.”

මේක ප්‍රායෝගික ප්‍රශ්නයක්. මේක මානූෂිය පැත්තෙන් බලලා ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු 3ක් දීලා තියෙනවා.

පොතේ තියෙන්නේ එක නීතියක් හැබැයි අධිකරණය අනුගමනය කරන්නේ වෙනම නීතියක්. මේ දෙක සැසඳෙන තත්ත්වයක් රටේ ති‍යෙන්න ඕනේ. නැතිනම් මේක ගැටලුවක්. නීතියේ තියෙනවා එකක් අධිකරණයේ තියෙනවා එකක්. ඉල්ලීම් සලකලා බලලා අපි මේක ඉල්ලා අස්කර ගන්නවා. ඉදිරියේ දී කාටත් එකඟවෙන්න පුළුවන් සං‍ශෝධනයක් තියෙනවා නම් අපි ඉදිරිපත් කරන්නන්.”

දණ්ඩ නීති සංග්‍රහයේ 19 වැනි පරිච්ඡේදය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පසුගිය පෙබරවාරි 13 වනදා ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබු අතර අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නියමය පරිදි එය ප්‍රකාශයට පත්කර තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 සහ 364 සංශෝධනය කරමින්.

යෝජිත සංශෝධනයට අනුව වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු වයස අවුරුදු 22කට අඩු පුද්ගලයෙකු සමඟ සිය කැමැත්ත සහිතව ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් දඬුවම ලිහිල් කිරීමට මෙමඟින් යෝජනා කර තිබුණා.

කෙසේවෙතත් ඊට එකඟ නොවන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අධිකරණ අමාත්‍යවරයාට සහ පාර්ලිමේන්තුවට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පැවසුවේ ළමා අපයෝජන වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආණ්ඩුවට උපදෙස් ලබාදීමට පාර්ලිමේන්තුවෙන් පවරා ඇති බලතල ප්‍රකාරව එම දැනුම්දීම කර ඇති බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...