Friday, June 5, 2026
spot_img
spot_img

පොල් ගැන නරක කප් එකත් ලංකාවට

ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිපුරම පොල් නාස්ති කරන රට බවට පත්ව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පොල් වගා කිරීමේ මණ්ඩලය ස්ථාපිත කර වසර 52ක් සම්පූර්ණවීම නිමිත්තෙන් මැදමුලන දක්ෂිණ ලංකා පොල් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ දී පැවැති වැඩ සටහනකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබුණා.

පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන වලින් මීට වඩා ආදායමක් ගැනීමට නම් ආහාරය සඳහා පොල් යොදා ගැනීමේ දී නාස්තිය අවම කර ගන්නා ආකාරය පිළිබඳ නව තාක්ෂණික දැනුමත් ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයට මෙන්ම පොල් සංවර්ධන අධිකාරියටත් උපදෙස් දෙන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

අමාත්‍යවරයා පවසා සිටියේ ලංකාව බොහෝ දේවල් වලින් ලෝකයේ අංක එකේ සිටින අතර සීනි, ලුණු, පිටි, කාබෝහයිඩ්රේට් වැඩිපුර අඩංගු ආහාර වැඩිපුර ගැනීම වැනි බොහෝ කරුණු වලින් ලංකාව අංක එකට පැමිණ තිබෙන බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පෙබරවාරි මාසයට අදාලව නිකුත් කළ වාර්තාවට අනුව 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 පෙබරවාරි මාසයේ පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම සියයට 25.17කින් වර්ධනය වී ඇතැයි ද පොල් වතුර අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ දී රුපියල් මිලියන 894ක ආදායමක් උපයා තිබෙන බවද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවිර මහතා මෙහිදී තවදුරටත් සඳහන් කර සිටියා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...