තැපැල් මුද්දරයක අවම මිල රුපියල් සියය දක්වා ඉහල දැමීමට අනුමැතිය ඉතා මෑතකදී ම ලැබෙනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට පවසනවා.
මේ වන විට ලිපියක් තැපැල් කිරීම සදහා මුද්දරයක අවම මිල රුපියල් පණහක්ව පවතින බවත් තැපැල් දෙපාර්තුමේන්තුවේ පවතින පාඩුව අවම කර ගැනීම සදහා මෙලෙස මුද්දරයක මිල ඉහල දැමීමටයි තීරණය කර ඇත්තේ
තැපැල් දෙපාර්තුමේන්තුවේ පසුගිය 2023 වර්ෂයේ දී පමණක් මිලියන 7000 ක පාඩුවක් ලබා තිබෙනවා.




