Thursday, May 7, 2026
spot_img
spot_img

තැපැල් වර්ජනයෙන් තැපෑල හිරවෙයි

තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ දොළහක් පමණ සිරවී ඇතැයි තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කරයි.

මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 7 ක් පමණ සිරවී ඇතැයි ද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

විවිධ ශ්‍රේණි වලට අයත් පුරප්පාඩු 7000 සම්පූර්ණ කිරිම, අනියම් සහ ආදේශක පිරිස් ස්ථීර සේවයේ පිහිටුවීම, උසස් වීම් ලබාදීම ඇතුලු ඉල්ලීම් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති විසින් සදුදා (08) සිට මෙම වර්ජනය ආරම්භ කරනු ලැබීය.

ඊයේ (09) දහවල් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව පැය 48ක සංකේතාත්මක වර්ජනය අවසන් කිරිමට කටයුතු කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...