spot_img
spot_img

විදුලි බිලේ අවසන් තීරණය ගන්නේ මෙහෙමයි | ගෘහස්ථ කාණ්ඩයට 25.5%ක ගාස්තු අඩුවීමක්

විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ මහජන අදහස් විශ්ලේෂණයෙන් අනතුරුව ජූලි 15 වැනිදා ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බව මහජන උපයොගීතා කොමිසම පවසනවා.

එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන කළේ, පෙර ලියාපදිංචි වූ විවිධ ක්ෂ්ත්‍ර නියෝජනය කරන නියොජිතයින් 46 දෙනෙකුගෙන් අදහස් ලබාගත් බවයි.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරියේදී සිදුකරන විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනාවලට අනුව සමස්තයක් ලෙස අඩුවන ගාස්තු ප්‍රතිශතය 13.8%ක්.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයට 25.5%ක ගාස්තු අඩුවීමක් සහ ආගමික සහ පුණ්‍යායතනවලට 3%ක අඩුවීමක් සිදුවනවා.

කෙසේ වෙතත්, මෙම යෝජනාවලට අනුව හෝටල් සහ කර්මාන්ත ක්ෂේත්‍රයට ගාස්තු අඩුවීමක් යෝජනා කර නැහැ.

යෝජිත ගෘහස්ථ විදුලි ගාස්තු සංශෝධනයට අනුව ඒකක 0 සිට 30 දක්වා විදුලි ඒකකයක් වෙනුවෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 08 සිට 06 දක්වා අඩු කෙරේ.

ඒකක 31 සිට 60 දක්වා ඒකකයට අය කෙරෙන ගාස්තුව රුපියල් 20 සිට 09 දක්වා අඩුකර තිබේ.

විදුලිබල මණ්ඩලයේ යෝජනාවලට අනුව ගෘහස්ථ විදුලි පාරිභෝජනය තවත් කාණ්ඩ කිහිපයකට වෙන්කර තිබේ.

ඒ අනුව විදුලි ඒකක 60 ට වඩා පරිභෝජනය කරන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ගෙන් ඒකක 0 සිට 60 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 25 සිට 15 දක්වා අඩුවේ.

ඒකක 61 සිට 90 දක්වා භාවිත කරන ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 30 සිට 18 දක්වා අඩු කිරීමට යෝජනා වී තිබේ.

විදුලි ඒකක 91 සිට 120 දක්වා පරිභෝජනය කරන විදුලි ඒකකයක් සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 30 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති අතර, ඒකක 121 සිට 180 දක්වා භාවිත කරන විදුලි ඒකක වෙනුවෙන් අයකෙරෙන ගාස්තුව රුපියල් 50 සිට 42 දක්වා අඩු කෙරේ.

ඒකක 181ට වැඩියෙන් භාවිත කෙරෙන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ගෙන් ඒකකයකට අයකෙරෙන ගාස්තුව රුපියල් 75 සිට 65 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...