උරුමය වැඩසටහන 2002, 2003 වසරවල ක්‍රියාත්මක කිරීමට තිබු වැඩපිළිවෙළක් වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා පවසන්නේ, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඒ කාලයන්හි කිරීමට අවස්ථාව ලැබුණා නම් මීට වසර 20කට පෙර ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට හැකිව තිබූ බවයි.
අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ බවත් පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ තමා සෑමවිටම සිටින බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමින්.
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය“ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පළමු අදියරේ සුදුසුකම් ලාභීන් 65,393ක් අතුරින් පුද්ගලයන් 662කට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී සිදු වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් වී සිටියා.




