spot_img
spot_img

විජයදාසගේ පෙත්සම විභාගය කල්යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස විජයදාස රාජපක්ෂ සහ මහ ලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීමට එරෙහිව දුමින්ද දිසානායක මහතා ගොනුකළ පැමිණිල්ලක් නිශ්ප්‍රභ කරන්නැයි ගොනුකළ අභියාචනා පෙත්සම අද (22) යළි විභාගයට ගැනුණා.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ගොනුකළ මෙම අභියාචනා පෙත්සම විභාගයට ගැණුනේ බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේදීයි.

ගිහාන් කුලතුංග, ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද මෙම පෙත්සම විභාගයට ගැණුනේ තුන්වන දිනටයි.

වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළා.

අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම ලබන 31 වනදා තෙක් කල්තැබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...