spot_img
spot_img

විමල්ගේ නඩුවක සාක්ෂි විභාගය කල් ගිහින්

2016 වසරේ එක්සත් ජාතීන්ගේ එවක මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු
ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල මාර්ග අවහිර කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වනදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ මෙම නඩුව අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී පොලිස් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ අතර, වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වනදා දක්වා කල් දැමුවා.

සෙයිද් අල්හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මං මාවත් අවහිර කරමින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වීර කුමාර දිසානායක, මොහොමඩ් මුසම්මිල්, රොජර් සෙනෙවිරත්න ඇතුළු පිරිසකට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...