spot_img
spot_img

වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය අද

මේ වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය දැකබලා ගැනීමට අද(25) ලෝකවාසීන්ට අවස්ථාව හිමි වෙනවා. 

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ, අද පෙරවරු 10.23 සිට පස්වරු 03.02 දක්වා මෙම චන්ද්‍රග්‍රහණය දිස්වන බවයි.

කෙසේ වෙතත් මෙම චන්ද්‍රග්‍රහණය දහවල් කාලයේ සිදුවීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට එය දිස් නොවන බව ඔහු පෙන්වා දෙනවා.

මෙම වසරේ ඉදිරියේදී චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 2ක් සිදු වුවද ශ්‍රී ලංකාවාසීන් හට ඒ කිසිවක් දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබෙන අතර, මීළඟට අපට දිස්වීමට නියමිත ග්‍රහණය 2025 සැප්තැම්බර් 07 වැනි දින ඇතිවීමට නියමිත සූර්යග්‍රහණය බව මහාචාර්ය ජයරත්න මහතා තවදුරටත් සඳහන් කළා.

අද ප්‍රථම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනුනත් එය යුරෝපයේ බොහෝ ප්‍රදේශ, උතුරු / නැගෙනහිර ආසියාව, ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ, අප්‍රිකාව, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව ඇතුළු ලෝකයේ විශාල කොටසකට එය දෘශ්‍යමාන වනු ඇති. 

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...