Wednesday, May 6, 2026
spot_img
spot_img

හංගේරියාවේ මෝටර් රථ තරඟාවලියක් අතරතුර සිදුවූ අනතුරකින් සිව්දෙනෙක් මරුට

හංගේරියාවේ මෝටර් රථ තරඟාවලියක් අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තුවාල ලැබූ තවත් 8 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

හංගේරියාවේ පැවති මෝටර් රථ තරගාවලියක් අතරතුර ධාවන පථයෙන් ඉවතට විසිවී ගොස් නරඹන්නන් සිටින ස්ථානයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

තරගය පවත්වා තිබුණේ උතුරු හංගේරියාවේදී වන අතර, අනතුර සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණ කර නැහැ.

තුවාල ලැබූවන් ඉවතට ගෙන යාමට ගිලන් රථ මෙන්ම හෙලිකොප්ටර් යානාද යොදවා තිබුණු බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විදෙස් මාධ්‍ය පවසන්නේ, අනතුර හේතුවෙන් තරඟාවලිය අත්හිටුවීමට සංවිධායකයින් පියවර ගෙන ඇති බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...