spot_img
spot_img

ලොව වේගවත්ම මිනිසා ඇමෙරිකාවෙන්

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වේ ජය වාර්තා කිරීමට 27 හැවිරිදි අමෙරිකාවේ Noah Lyles සමත් වුණා.

එහිදී ඔහු වාර්තා කළ කාලය තත්පර 9.784 ක්.

එමෙන්ම, මෙම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට ජැමෙයිකාවේ Kishane Thompson සමත් වූ අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 9.789ක්.

නෝවා ලයිල්ගේ මෙම ජයග්‍රහණය එම ඉසව්වෙන් වසර 20කට පසු අමෙරිකාවට හිමි වූ පළමු රන් පදක්කමද වෙනවා.

මින් පෙර මෙම ඉසව්වේ රන් පදක්කම ජස්ටින් ගැට්ලින් විසින් 2004 ඔලිම්පික් උළෙලේදී අමෙරිකාව වෙනුවෙන් හිමිකරගනු ලැබුවා.

ලෝකඩ පදක්කම දිනාගත්තේ 9.81කින් තරගය අවසන් කළ අමෙරිකාවේ Fred Kerley විසින්.

එමෙන්ම, ඔලිම්පික් මීටර් 400 මූලික වටයේ තරගයට එක් වූ අරුණ දර්ශන වසර 24කට පසු එම ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වීමට ඊයේ (04) සමත් වුණා.

තත්පර 44.99 ක කාලයක් ගතකොට ක්‍රීඩකයන් 46කින් 17 වැනි ස්ථානයට ඔහු පත්වුණා.

ඔහු සහභාගි වන මීටර් 400 අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.05ට පැවැත්වීමට නියමිතයි.

වසර 2000දී සිඩ්නි ඔලිම්පික් උලෙළේදී සුගත් තිලකරත්න මූලික වටයේදී තත්පර 45.54කින් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමෙන් පසු අරුණ දර්ශන මීටර් 400 ඔලිම්පික් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත් ක්‍රීඩකයායි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...