spot_img
spot_img

සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද මැතිවරණ කොමිසමට

සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද (05) මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ, ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම හමුව පැවැත්වෙන බවයි.

මේ අතර, අද පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රාජ්‍ය මාධ්‍යවල ප්‍රධානින් ද කොමිසම හමුවට කැඳවා ඇති බව සභාපතිවරයා සඳහන් කළා.

හෙට සිට අමාත්‍යාංශ මට්ටමින් අමාත්‍යාංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරු ඇතුළු නිලධාරීන් ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමිසම පැවසුවේ, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීම වෙනුවෙන් මෙම සාකච්ඡා සිදුකරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...