spot_img
spot_img

මැතිවරණ කොමිසම පුංචි ඡන්දෙට වැඩ අරඹයි

මැතිවරණ කොමිසම මෙම මස අග දී යළි රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිසම මෙම මස 27 වන දින යළි රැස්වීමට නියමිත බව වාර්තා වනවා.

මෙම රැස්වීමේ දී පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ද ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ බවට පත්වනු ඇති.

මේ අතර එළැඹෙන පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා වන මුල්‍ය අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමට ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව ද වාර්තා වෙනවා.

දෙසැම්බර් මාසයේ දී මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මැතිවරණ සඳහා මුදල් වෙන් කිරීමට තීරණය කළ ද මැතිවරණ පවත්වන දිනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නැහැ.

ඒ අනුව මෙම කොමිෂන් සභා රැස්වීමේ දී මැතිවරණ දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.

මේ අතර මෙවර මහ මැතිවරණයේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මේ දක්වාත් ලබා නොදුන් දේශපාලන පක්ෂ හැකි ඉක්මනින් එම ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ඔවුන් දැනුම් දෙනවා.

ඊයේ (17) දිනය වන විට දේශපාලන පක්ෂවලින් ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබුනා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...