spot_img
spot_img

ශ්‍රීලන්කන් ගුවන් යානා කිහිපයක තාක්ෂණික දෝෂ

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රීලන්කන් ගුවන් යානා කිහිපයක ඇති වු තාක්ෂණික දෝෂ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා

ගුවන් යානා 3ක් තාක්ෂණික දෝෂවලට ලක්වීම නිසා, ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති අතර තවත් ගුවන් ගමන් වාර කිහිපයක් ප්‍රමාදවීම්වලට ලක් වී ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සේවා ප්‍රකාශකවරයෙකු පැවසුවා.

සෑම ගුවන් යානයක්ම තම ගුවන් ගමන නිමා කිරීමෙන් පසු තාක්ෂණික ඇගයීම් පරීක්ෂා කිරීමකට ලක්කෙරෙන අතර, එහිදී ඇතැම් ගුවන් යානාවල සිදුකළ යුතු අත්‍යාවශ්‍ය තාක්ෂණික නඩත්තු කිරීම් සඳහා තරමක කාලයක් ගත වන බවත්, ඒ අනුව මෙම ගුවන් යානා 3 එම තාක්ෂණික නඩත්තු කටයුතු සඳහා යොමු කර ඇති බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ හේතුවෙන් ඊයේ (17) රාත්‍රී 06.35ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 123 දරන ගුවන් ගමන සහ යළිත් රාත්‍රී 10.15ට චෙන්නායි සිට කටුනායක වෙත පැමිණීමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 124 ගුවන් ගමන අවලංගු කර ඇති බව සඳහන්ය.

මීට අමතරව රාත්‍රී 10.10ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 196 දරන ගුවන් ගමන සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට රාත්‍රී 10.20ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන ද අවලංගු කර තිබේ.

මේ පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සේවය, මෙම ගුවන් යානාවලින් ගමන් පහසුකම් සලසා ගන්නා මගීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, කඩිනමින් මෙම ගුවන් ගමන්වල නිරත වීමට අවශ්‍ය ගුවන් මගීන්, වෙනත් විකල්ප ගුවන් යානා මඟින්, එම ගමනාන්තයන් වෙත යොමු කිරීමට ද ශ්‍රීලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබුණි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...