spot_img
spot_img

නිශ්ශංක බන්දුලගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව කල් ගිහින්

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් නම් කරමින් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගත් තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කොට අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබුවා.

නීතිඥ එස්. පතිරත්න විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ප්‍රීති පද්මන් සූරසේන, අචල වංගප්පුලි සහ මහින්ද සමය ර්වර්ධනගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත් සම් විභාගය පැවතුණා.

එහි දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ බහුතර සාමාජිකයින් ගැන ලැබූ තීරණය වැරදි සහගත බව කියා සිටියා.

නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් නම් කරමින් අගවිනිසුරුවරයා විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ නිර්දේශය මේ දක්වා ඉවත් කරගෙන නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ආණ්ඩුක්‍රම ව්‍යවසාදායක සභාවේ බහුතර සාමාජිකයින්ගේ ක්‍රියා කලාපය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුවන බව චෝදනා කර සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා කියා සිටියේ තමන් මෙම නඩුකරයේ කිසිදු පාර්ශවයකට පක්ෂව කරුණු ඉදිරිපත් නොකරන බවයි.

කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධික කරණයට උසස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ බහුතර සාමාජිකයින් විසින් ප්‍රතික්ෂේප කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඇය චෝදනා කර සිටියා.

සියලු පාර්ශව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ලිඛිත දේශන තිබේ නම් ඒවා සතියක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශවකරුවන්ට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...