spot_img
spot_img

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (20) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ දී.

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට කතාබහක් මතුව ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ ප්‍රථමයෙන් මහ මැතිවරණය පැවැත්වීම සුදුසු බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ මතය විමසීම සහ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බව සඳහන්.

ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතු බවත් ඔහුට පක්ෂයේ සහයෝගය ලබාදිය යුතු බවත් පොදුජන පෙරමුණ නියෝජනය කරන බොහෝ මැතිඇමතිවරුන් පක්ෂ නායකත්වයට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම තවත් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් ද අද දිනයේ අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම පිළිබඳව ද කණ්ඩායම් රැස්වීමේ දී වැඩි අවධානයක් යොමුකෙරෙනු ඇති.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...