spot_img
spot_img

කෝප් කමිටුව විහිලුවක් වෙලා. තවත් මන්ත්‍රීවරු ඉල්ලා අස්වෙලා

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මෙන්ම අනුර කුමාර දිසානායක මහතාද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරයේ ආරම්භයත් සමග පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඊයේ (19) පළමුවරට
එහි නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

ඊයේ කෝප් කමිටුව රැස්වුණේ එහි සාමාජිකයින් 30න් හත්දෙනෙකුම ඉල්ලා අස්වී තිබූ පසුබිමකයි.

කෙසේවෙතත් සෙසු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ පැවති කෝප් කමිටු රැස්වීමේදී රාජ්‍ය වැවිලි සංස්ථාවේ කටයුතු පිළිබඳව සාකච්ඡාවට ගෙන තිබෙනවා.

මේවනවිට වසන්ත යාපා බණ්ඩාර මහතා, දුමින්ද දිසානායක මහතා සහ අනුර කුමාර දිසානායක මහතා සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟ මේ වනවිට මන්ත්‍රීවරු 10 දෙනෙකු නව සභාපතිවරයාට විරෝධය පළ කරමින් කෝප් කමිටුවෙන් ඉවත්ව තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...