spot_img
spot_img

කටුවන JVP රැස්වීමට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමට ජුලම්පිටියේ අමරේට දුන් මරණ දඬුවම ස්ථිරයි!

කටුවන, හැඩිවත්ත, පින්නමණ්ඩිය ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවලට වරදකරු කර තංගල්ල මහාධිකරණය විසින් ජී.ජී. අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නමැත්තාට නියම කර තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය ඊයේ (20) තහවුරු කරමින් තීන්දුව ලබාදුන්නා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එකී චෝදනාවලට විත්තිකරු වරදකරු බවට නිගමනය කළ එවකට තංගල්ල මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළ ආර්.එස්.එස්. සපුවිද මහතා 2019.11.07 වන දා ලබා දුන් තීන්දුව මගින් ජුලම්පිටියේ අමරේ නමැත්තාට මරණීය දණ්ඩනය නියම කොට තිබිණි.

තංගල්ල මහාධිකරණය නිකුත් කර තිබූ එම තීන්දුව බල රහිත කර තමන් සියලු ම චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා විත්තිකාර ජුලම්පිටියේ අමරේ නමැත්තා ගොනුකර තිබූ අභියාචනාව විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු සම්පත් බී. අබේකෝන් හා පී. කුමාරරත්නම් යන මහත්වරුන් එකී අභියාචනා පෙත්සම නිශ්ප්‍රභ කරමින් එකී තීන්දුව නිකුත් කළා.

උගත් මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍රයේ සඳහන් එකේ සිට පහ දක්වා වූ චෝදනාවලට විත්තිකාර අභියාචක වරදකරු බවට නිගමනය කර ඇත්තේ, ඉදිරිපත් වූ සාක්‍ෂි සමස්තයක් ලෙස නීතිමය මූලධර්ම මගින් තබාගෙන ඒවා විශ්ලේෂණය කිරීමෙන් පසුව බව අධිකරණයට පෙනී යන්නේ යැයි විනිසුරු සම්පත් බී. අබේකෝන් මහතා විනිසුරු පී. කුමාරරත්නම් මහතාගේ එකඟතාව ඇතිව නිකුත් කළ එම තීන්දුව මගින් පෙන්වා දී තිබෙනවා.

2012.06.15 වන දා කටුවන, හැඩිවත්ත ප්‍රදේශයේ පිහිටි ලියනගේ රංජිත් නමැත්තාගේ නිවසේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සභාව අමතද්දී යතුරුපැදි 4-5කින් තවත් පිරිසක් සමග එම ස්ථානයට කඩා වැදී “මම තමයි යකෝ මැදමුලනේ වලව්වේ දඩ බල්ලා. තොපි පුළුවන්නම් වරෙව්. කවුද මේක සංවිධානය කරපු එවුන්” යැයි පවසමින් ටී. 56 ගිනි අවියකින් වෙඩි තබා තිබෙනවා.

එම වෙඩි ප්‍රහාරවලට ගොදුරු වූ 50 හැවිරිදි එදිරිමාන්නගේ මාලනී සහ 18 හැවිරිදි ජේ.පී. නිමන්ත ගේ‍ර්ෂන් මිය ගොස් තිබූ අතර 26 හැවිරිදි ප්‍රදීප් සාරංග නමැත්තා බරපතළ තුවාල ලබා තිබිණි.

කෙසේ නමුත්, තංගල්ල පූර්වගාමී මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරුව වරදකරු කර තිබූ හය, හත, අට සහ නවය යන චෝදනා හතරට නියම කර තිබූ දඬුවම් අත්හිටුවීමට ද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා පෙනී සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...