spot_img
spot_img

20යි 20 ලෝක කුසලාන අවසන් මහා සටන අද

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර අද (29) රාත්‍රියේදී පැවැත්වෙනවා.

තරඟය මෙරට වේලාවෙන් රාත්‍රි 08ට ආරම්භ වන්නේ බාබඩෝස් හි කෙල්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදීයි.

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක් සඳහා ඉන්දියාව මෙලෙස සුදුසුකම් ලබා ඇත්තේ වසර 10කට පසුව වීමද විශේෂත්වයක්.

ඒ, පසුගිය වර ලෝක ශූරයින් වූ එංගලන්තය මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයෙන් ඉවත් කරමින්.

ඉන්දියාව පන්දුවාර 20 ලෝක කුසලානයක අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගත් තුන්වැනි අවස්ථාව මෙය වන අතර, ඔවුන් පන්දුවාර 20 ලෝක කුසලානයක අවසන් මහා තරගයට පිවිසියේ 2014 වසරේදීයි.

එම තරගයේදී ඉන්දියාව ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූවත්, 2007 වසරේ පැවති කුළුදුල් පන්දුවාර 20 ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

මේ අතර, දකුණු අප්‍රිකාව පන්දු වාර විස්ස ලෝක කුසලානයක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ පළමු වරට වීමද විශේෂත්වයක්.

මීට පෙර අවස්ථා හතකදී අවසන් පූර්ව තරගයට පිවිසියද ඔවුන් ඉන් පරාජයට පත්වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...