spot_img
spot_img

හදිසි අනතුරු නිසා අවුරුද්දකට පුද්ගල මරණ දසදහසක්

හදිසි අනතුරු හේතුවෙන් දෛනිකව මෙරටින් මරණ 32ත් 35ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසනවා.

ඔහු පවසන්නේ වාර්ෂිකව හදිසි අනතුරු හේතුවෙන් පුද්ගල මරණ දස දහසකට වැඩි සංඛ්‍යාවක් සිදුවන බවයි.

රථ වාහන අනතුරු, දියේ ගිලීම්, විෂවීම් ඇතුළු හදිසි අනතුරු හේතුවෙන් එම මරණ සිදුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා සඳහන් කළා.

“ලංකාවේ රජයේ රෝහල්වලට නේවාසිකව ප්‍රතිකාර ලබන්න එන අයගෙන් වැඩිම ප්‍රමාණයක් ඇතුළත් වෙන්නේ හදිසි අනතුරු නිසා. ඇත්තටම ලංකාවේ ජනගහනයෙන් සෑම 5 දෙනෙකුගෙන් හෝ 6 දෙනෙකුගෙන් එක් අයෙක් වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සුදුසු ආකාරයේ අනතුරක් සෑම අවුරුද්දකම කරගන්නවා. මරණ සංඛ්‍යාව ගත්තහම දළ වශයෙන් අවුරුද්දකට 10,000කට අධික ප්‍රමාණයක් අනතුරු හේතුවෙන් මිය යනවා. ඒකෙන් කියන්නේ දවසකට 32 – 35ක් අතර ප්‍රමාණයක් හැම දවසකම අපිට අහිමි වෙනවා. ඒකෙන් කියන්නේ, හැම පැය 3කට සැරයක්ම අපිට දළ වශයෙන් 4 දෙනෙකුගේ පමණ ජීවිත අහිමි වෙනවා. ආර්ථිකයට ප්‍රධාන ලෙසම දායකත්වය දක්වන අවුරුදු 15 සිට 44 දක්වා වන වයස් කාණ්ඩයේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව වන්නේ අනතුරු.”

මේ අතර අප්‍රේල් මාසය තුළ රිය අනතුරු ඉහළ යා හැකි බැවින් ඒ සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව කොළඹ රථ වාහන කොට්ඨාසයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...