spot_img
spot_img

කාන්තාවකට තනිව සංචාරයට හොඳම රට

කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා.

ඒ ලෝ ප්‍රකට ‘ටයිම් අවුට්’ (timeout.com) සඟරාව විසින් සිදු කරන ලද නවතම සමීක්‍ෂණ වාර්තාවකට අනුවයි.

තරුණ කාන්තාවන් බහු සංස්කෘතීන් සහිත රටවල් පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන අතර එහිදී කාන්තාවන්ට ඇති ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙනවා.

වැඩි වශයෙන් මෙලෙස තනිව සංචාරය සඳහා වයස අවුරුදු 28ට අඩු තරුණ පිරිස් ප්‍රියතාවක් දක්වන බව එම වාර්තාවල සඳහන්.

කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතර දෙවන ස්ථානය පෘතුගාලයටත් තුන්වන ස්ථානය චෙක් ජන රජයටත් හතරවන ස්ථානය ජපානයටත් ලැබී තිබෙනවා.

කාන්තාවන්ට කිමිදීමට වඩාත් ආරක්ෂිත ස්ථාන, යුනෙස්කෝ ලෝක උරුම සහ නුවරඑළියේ චමත්කාරය, කන්ද උඩරට දුම්රිය සංචාර වැනි ආකර්ශනීය ස්ථාන හේතුවෙන් තනිව සංචාරයේ යෙදෙන විදේශීය කාන්තාවන්ට දකුණු ආසියාතික රාජ්‍යන් අතරින් ශ්‍රී ලංකාව සුදුසුම ස්ථානය ලෙස හඳුනා ගෙන තිබුණා.

මෙම ශ්‍රේණිගත කිරීමේ 05 වන ස්ථානය ග්වාතමාලාවටත්, 06 වන ස්ථානට ග්‍රීසියටත්, 07වන ස්ථානය ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...