spot_img
spot_img

සිංගප්පූරුවෙන් ආනයනය කරන භාණ්ඩ රැසක බදු අඩු කෙරේ

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හෙවත් “පැල්” අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, මාර්තු මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් වූ පැල් බද්ද 6% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව‍ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන සිමෙන්ති, ඇපල් ඇතුළු පලතුරු වර්ග කිහිපයක්, සහ ළදරු කිරි ආහාර සඳහා අයකළ අදාළ බද්ද සියයට 6 දක්වා අඩු කර තිබෙනවා.

ඊට අමතරව පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය, රෙදිපිළි සඳහා වන අමුද්‍රව්‍ය, වාහන අමතර කොටස්, යතුරුපැදි සහ පාපැදි අමතර කොටස් සඳහා ද වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද ද 10% සිට 6% දක්වා අඩුකර ඇති බව වාර්තා වනවා.

ඖෂධ වර්ග, ශල්‍ය උපකරණ, විද්‍යුත් උපකරණ, නාන කාමර උපකරණ, පොලිතින් හා ප්ලාස්ටික්, ඇලුමිනියම් සහ ලී භාණ්ඩ සඳහා අයකරනු ලබන බදු ද සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...