spot_img
spot_img

දේවස්ථාන අසල ආරක්ෂාව තරකෙරේ

2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 273 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයින් 500කට අධික පිරිසක් තුවාල ලැබුවා.

මෙවර පාස්කු ඉරුදින දේව මෙහෙයන් පවත්වනු ලබන සියලුම දේවස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, දිවයින පුරා කිතුණු දේවස්ථාන 1,873ක් ආවරණය වන පරිදි ආරක්ෂව සඳහා පොලිස් නිලධාරීන් 6,522ක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 320ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2,746ක් යොදවා ඇති බව සඳහන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, මෙම දින කිහිපය පුරාවටම එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...