spot_img
spot_img

ෆේස්බුක් හිමිකරුට ට්‍රම්ප්ගෙන් දැඩි චෝදනා

ටික්ටොක් මව් සමාගම අමෙරිකාව තුළ තහනම් කිරීමේ හෝ එහි මෘදුකාංග අලෙවි කිරීම තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචන සිදුකර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, මෙම යෝජනාව ෆේස්බුක් හිමිකරු මෙටා සමාගමට අසාධාරණ වාසි ලබාදෙන බවයි.

ටික්ටොක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස දැකීම පිළිබඳ තමා එකඟ වන නමුත් ෆේස්බුක් අමෙරිකානු රජයට ද තර්ජනයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.

2020 වසරේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ දී ටික්ටොක් තහනම් කිරීමට උත්සහ කර තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ටික්ටොක් මව් සමාගම වන බයිට්ඩාන්ස් සමාගම සම්බන්ධ නීතිය සම්මත වුවහොත් ඊට අත්සන් කරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...