වහාම ක්රියාත්මක වන පරිදි වයඹ පළාත් සභාවේ ප්රධාන ලේකම් ධුරය දැරූ රන්ජිත් ආරියරත්න මහතාව එම ධුරයෙන් ඉවත්කර තිබෙනවා.
ඊට හේතුව ලෙස වාර්තා වන්නේ, වයඹ ආණ්ඩුකාරවරයාගේ නියෝග හා උපදෙස් නොසලකා හැරීම හා මහජනයාගේ ගැටළු සම්බන්ධයෙන් නිසි අවධානයක නොකිරීමයි.
අදාළ පැමිණිලි හා චෝදනා පිළිබඳව සොයා බැලීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රන්ජිත් ආරියරත්න මහතාව වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බවට වාර්තා වනවා.
ඔහුගෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා වයඹ ප්රධන ලේකම්වරයා ලෙස වෙනත් අයකු ලබන සිකුරාදා පත්කිරීමට නියමිත බවද පැවසෙනවා.




