spot_img
spot_img

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය තව ස්වල්ප මොහොතකින් ගාල්ල ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

එම තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවට පහරදීමටයි.

මෙම තරඟය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සලසා දී ඇති අතර ජනාධිපතිවරණය හේතුවෙන් සැප්තැම්බර් 21වැනිදා තරඟයේ විවේක දිනයක් ලෙස නම්කර තිබෙනවා.

ICC ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලිය යටතේ පැවැත්වෙන, තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරඟාවලිය වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම ඊයේ ගාල්ලේදී පුහුණුවීම් ආරම්භ කළ අතර ඔවුන්ගේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන රංගන හේරත්ද ඊට එක්ව සිටියා.

නවසීලන්ත කණ්ඩායම මෙලෙස ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියකට එක්වන්නේ වසර 5කට පසුවයි.

දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරඟ 38ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 18ක් නවසීලන්තය ජය ගනිද්දී ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 9ක් පමණයි.

ඒ අතරින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවති තරඟ 4ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

මේ අතර අද තරඟයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම,

නායක ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය,ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...