ළමා මන්දපෝෂණයෙන් ආසියාවේ දෙවනි තැන ලංකාව බව පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා පවසනවා.
අද කොලබදී මාධ්‍යවේදී ඇසු ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් ඒ මහතා මේබව සදහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා :
ජන හා සංක්යා දෙපාර්තමේන්තුව වාර්තාවක් නිකුත් කරා ගියසුමනේ.සමස්ත ජනගහනයෙන් පවුල් 60%කගේ ආර්ථිකය කඩන් වැටිලා.ජනගහනයෙන් භාගයකට කෑම අර්බුදයක් ඇවිල්ල තියෙන්නේ.
ජන හා සංඛ්‍ය ලේඛණ වාර්ථාවක් පෙන්වා දෙනවා.ළමා මන්දපෝෂණයෙන් ආසියාවේ දෙවනි තැන ලංකාවට. පාසල් ළමුන් විශාල පිරිසකට අවශ්‍ය අපසල් උපකරණ මිලදී ගැනීමට නොහැකි තත්වයක් උදාවෙලා.ඒ වාර්තාවේම කියනව ලෙඩක් හැදුනහම බෙහෙත් ගන්නයි ළමයින්ට තුන්වේල කන්න දෙන්නයි ජනගහනයෙන් 20%ක් ණයවෙලා. එතකොට රනිල් වික්‍රමසිංහ කියනවා මම රට ගොඩ දැම්ම කියල.එයාගේ රජය නිකුත් කරපු වාර්තාවේ තියෙනවා ජනතාව විනාශයට ලක්වෙලා තියෙන්නේ කියල.




