Friday, June 5, 2026
spot_img
spot_img

ශ්‍රී ලංකා – නේපාල තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමයි

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ නේපාල කණ්ඩායම් අතර අද (12) පැවැත්වීමට නියමිතව තිබූ තරගය අතහැර දමා තිබේ.
ඒ, වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙනි.

මේ අතර 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩාව සමග පැවති තරගය පකිස්ථානය කඩුලු 7කින් ජය ගත්තේ ය.

නිව්යෝර්ක්හී නාසා කවුන්ටි ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් පකිස්ථානය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව කැනඩා ඉනිම ආරම්භ කළේ, ආරොන් ජොන්සන් සහ නව්නීත් ධලිවාල්.

ඔවුන්ගේ පළමු කඩුලු 2 බිඳ වැටුණේ ලකුණු 29කදීයි.

පිතිකරුවන් 6 දෙනෙකුටම ලකුනු 10 සීමාව පසු කිරීමට හැකි වුණේ නැත.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ආරොන් ජෝන්සන් ලකුණු 52යි.

මොහොමඩ් අමීර් සහ හාරිස් රවුෆ් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කැනඩාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 106කි.

පකිස්ථාන පිළිතුරු ඉනිම වෙනුවෙන් නායක බාබර් අසාම් ලකුණු 33යි.

මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 53ක් රැස් කළේ ය.

ඩිලන් හේලිගර් කඩුලු 2යි.

ඒ අනුව ලකුණු 107ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී සිටියදී තරගය ජය ගත්තේ ය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...