spot_img
spot_img

වාහන අංක තහඩු ගැන විශේෂ නිවේදනයක්

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා නිවේදනය කර ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් අනුමත කර ඇති නිල අංක තහඩු (Number Plates) වෙනුවට, විවිධ වර්ණයන්ගෙන් සහ ප්‍රමිතියෙන් තොර අංක තහඩු භාවිත කරන වාහන හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මීට පෙර පැවති අංක තහඩු හිඟය හේතුවෙන් තාවකාලික සහන කාලයක් ලබා දී තිබුණ ද, නිසි ප්‍රමිතියෙන් තොරව අත්තනෝමතික ලෙස අංක තහඩු සකස් කර ඇති වාහන පරීක්ෂා කර නීතිමය පියවර ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් දී ඇති බවයි.

නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසා සිටියේ ,

“පසුගිය කාලයේ අංක තහඩු හිඟයක් පැවති නිසා අපි යම් සහන කාලයක් ලබා දුන්නා. එහිදී තාවකාලිකව සුදු පැහැති පසුබිමක කළු පැහැති අකුරින් (A4 කොළයක වුවද) අංක තහඩුව ප්‍රදර්ශනය කිරීමට අවසර දුන්නා. නමුත් ඒ සහනය මඟින් විවිධ වර්ණවලින්, තමන්ට රිසි සේ පාට පාටින් අංක තහඩු ගැසීමට අවසර දී නැහැ.”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...