Friday, June 5, 2026
spot_img
spot_img

ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු පුහුණු තරඟය අද

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත පුහුණු තරග දෙකෙන් පළමු තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ නෙදර්ලන්තයට එරෙහිවයි.

මෙම තරගය ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලෝඩර්හිල්හි Central Broward Stadium ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන මෙය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිතයි.

මෙම තරගයෙන් අනතුරුව එළබෙන 31වැනිදා දෙවැනි පුහුණු තරගයට ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන අතර, එය අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙනවා.

එම තරගයද ලෝඩර්හිල්හිදීම දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන බව සඳහන්.

මෙවර විස්සයි20 ලෝක කුසලානය බටහිර ඉන්දිය කොදෙව් දූපත් හා ඇමරිකාවේ සම සත්කාරකත්වය යටතේ ජූනි මස 01වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඒ යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය ජූනි 03වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව නිව්යෝර්ක්හි Nassau ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එම ක්‍රීඩාංගණය ලෝක කුසලානය වෙනුවෙන්ම නිර්මාණය කරන ලද්දක් වන අතර, ඒ අනුව එය එහි පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙසින් ඉතිහාසයට එක්වනු ඇති.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...