පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග වෙළෙඳපොළේ එළවළු මිල යළි ඉහළ ගොස් තිබේ.
වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග එළවළු ඵලදාව විනාශ වීම මෙම මිල ඉහළ යාමට හේතුවී ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බව මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති අජිත් කළුතරගේ මහතා සදහන් කළේය.
මේ අතර මත්ස්‍ය මිල ගණන් ද මේ දිනවල ශීඝ්‍ර ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ධීවරයින් ධීවර කටයුතු සඳහා යොමු නොවීම මත්ස්‍ය මිල ඉහළ යාමට හේතුවී ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංසඳයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා සඳහන් කළේය.
Comments




