spot_img
spot_img

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙන්නේ එළඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි. ඒ, අනුව සියළුම පොලිස් බල ප්‍රදේශ සඳහා විධිමත් ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් සියළුම ස්ථානාධිපතිවරුන් ඇතුළු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

පොලිසිය දැනුම් දෙන්නේ සෑම පොලිස් වසමක් තුළම දිවා/රාත්‍රී වශයෙන් ජංගම සංචාර, පාමුර / පාපැදි, බීට්ටු සංචාර හා යතුරුපැදි සංචාර ක්‍රියාත්මsrක කර, ප්‍රදේශය තුළ මනා සංචාරක ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන අතර අධික රථවාහන ගහනයක් ඇති වීමට ඉඩ ඇති ස්ථාන ආවරණය වන පරිදි රථවාහන නිලධාරීන් යොදවනු ලබන බවයි.

එමෙන්ම මෙම කාලසීමාව තුල බුද්ධි නිලධාරීන් යොදවා නීති විරෝධි ක්‍රියා මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා ගැනීමට කටයුතු කෙරෙන අතර, මහා මාර්ගයේ ධාවනය වන රථ වාහන රිය අනතුරු වලට තුඩු දෙන බීමත්ව රිය පැදවීම, අධික වේගයෙන් රිය පැදවීම හා අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන අතර එවැනි රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ඇත.

පොලිසිය දැනුම් දෙන්නේ මෙම කාලසීමාව තුල පූජනීයත්වයට හානිදායක වන ලෙසට හා ආගමික අවස්ථාවන්ට සහභාගී වන බැතිමතුන්ට පීඩාකාරී වන ලෙස කටයුතු කරන ඇතැම් පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධයෙන් පොලිසිය නිරන්තර අවධානයෙන් සිට ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබන බවයි.

ඒ අනුව පොසොන් උත්සව කාල සීමාව තුළ සාමයට බාධා නොවන ලෙස, ආගමික කටයුතු පවත්වාගෙන යාම සඳහා විශේෂයෙන් පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...