spot_img
spot_img

සමහර වැඩිහිටියන්ට තවම අතීතයෙන් ගැලවෙන්න බැහැ – අනුර

ප්‍රභූපවුල්වලට ඇති දේශපාලන බලය පොදු ජනයාගේ පවුල් වෙත මාරු කර ගැනීමට අවශ්‍ය බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

කැකිරාවේදී පැවැත්වුණු ජාතික ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් තරුණ රැළිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.

අනුර කුමාර දිසානයක මහතා මෙහිදී පවසා සිටියේ සාමන්‍ය පවුලක දරුවන්ට දේශපාලන අනාගතයක් නිර්මාණය කරන්නේ නම් ඒ සඳහා ඇති එකම වේදිකාව ජාතික ජන බලවේගය බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

“මේ වගේ වේදිකාවක නාඹර කැකුළන් කැකුළියන් හොඳට පේන්න ඉන්නවා. ඒගොල්ලන්ගෙ වේදිකාව බලපුවාම වැඩිහිටි අය ටිකක් සං‍යුතියෙන් වැඩියි. අතීත බැඳීමක් තියෙනවා. යම් ප්‍රමාණෙකට අර අතීතෙන් ගැලවෙන්න බැරුව ඉන්නවා. ඊට වඩා අපේ දරුවන්ට හරි හමන් ආදායම් මාර්ගයක් නැති අර්බුදයක් තියෙනවා. අන්න ඒ අර්බුධයට තියෙන්නේ දේශපාලන උත්තරයක්. ඒ නිසා මේ සැරේ ඡන්දෙ දෙන්න ඕන පඬුරක් ගැට ගහනවා වගේ”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...