spot_img
spot_img

හෙට පාර්ලිමේන්තුවේදී ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හෙට (02) දිනයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ මීට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදය හෝ ඡන්දය නොපැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා.

අද ( 01) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පවත්වා තිබුණා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, රජය විසින් අත්සන් කරන ලද ගිවිසුම් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අද පැවති පක්ෂ නායක රැස්විමේදී දැනුම්දුන් බවයි.

ඊට හේතුව ගිවිසුම් තුනෙන් එක ගිවිසුමක් තවමත් අත්සන් නොකර තිබීම බවද ඔහු පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, ගිවිසුම් තුනම අත්සන් නොකර විවාදයක් සිදුකර ඵලක් නොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“කලින් පැවති පක්ෂ නායක රැස්වීමේදී කිව්වා මේ ගිවිසුම් තුන අන්තර්ජාලයේ දාලා තියෙන්නේ කියලා. අත්සන් කරලා කැබිනට් එකට ඉදිරිපත් කරනවා කිව්වා. මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනවා කිව්වා. එහෙම කරලත් නෑ.”

“හෙට ජනාධිපතිවරයාගේ කතාවෙන් පස්සේ පාර්ලිමේන්තුව කල් දානවා. විවාදයක් පැවැත්වෙන්නේ නෑ”

අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා ජූලි 03 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රයට රැගෙන ඒමට නියමිතයි.

ඒ හේතුවෙන් එදින පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එකඟත්වය පළවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...