spot_img
spot_img

නව වීසා ක්‍රමවේදයේ ගැටලු විසඳීම මැයි 7

නව වීසා ක්‍රමවේදයේ ගැටලු විසඳීම සඳහා මැයි 7 වන දින කටයුතු කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන විද්‍යුත් සංචාරක අවසර පද්ධතියෙන් ශ්‍රී ලංකාව මේ මස මැද භාගයේදී IVS-GBS සහ VFS Global විසින් මෙහෙයවන නව ප්‍රවේශයක් හඳුන්වාදී තිබෙනවා.

මෙම නව ප්‍රවේශය යටතේ බහු ප්‍රවේශ වීසා බලපත්‍රයක් අමෙරිකානු ඩොලර් 75ක මිලකට හඳුන්වා දෙන ලද අතර, එක් එක් රැඳී සිටීම උපරිම දින 60කට සීමාවී තිබෙන බවයි වාර්තා වන්නේ.

වීසා ක්‍රමය වෙනස් කළ බැවින් ගැටලු කිහිපයක් පැන නැගී ඇති බවත් පුද්ගලික මට්ටමින් තමන් ඒ පිළිබඳව කලකිරීමෙන් පසුවන බවත් කඩිනමින් එය විසඳීමට බලාපොරොත්තු වන බව මෙහිදී අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

කෙසේ වෙතත්, අමාත්‍යවරයා සඳහන් කළේ සංචාරකයින් සඳහා තනි ප්‍රවේශ වීසා විකල්පය අත්හැරීමේ තීරණය පිළිබඳව තම අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා නොගත් බවයි.

කර්මාන්ත ඉල්ලීම මත දිගුකාලීන සංචාරක වීසා හඳුන්වා දී ඇති අතර, දින 30 ක තනි පිවිසුම් වීසා බලපත්‍රය අත්හැරීමේ යෝජනාවක් නොමැති බව ඔහු මෙහිදී අවධාරණය කළා.

ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන මැයි තුන්වන සතියේ දියත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වන බැවින් පාර්ලිමේන්තුවේ ගැසට් නිවේදනයට අවශ්‍ය වෙනස්කම් සිදු කර මැයි මුල් සතිය අවසන් වන විට තාක්ෂණික දෝෂ නිවැරදි කිරීමට රජය කටයුතු කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...