Thursday, June 4, 2026
spot_img
spot_img

මැයි දිනයට ක්‍රියාත්මක කොළඹ විශේෂ වැඩපිළිවෙල මෙන්න

මැයි දින රැළි සහ පෙළපාළි හේතුවෙන් අද(01) දිනය තුළ කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 10,000ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරන්නේ.

පෙළපාළි සඳහා ජනතාව රැගෙන එන විනය විරෝධී බස්රථ රියදුරන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිසිය පවසනවා.

කටුනායක ගුවන්තොටුපොළ වෙත ගමන්කරන වාහන සහ ගිලන් රථ, රෝහල් වෙත රෝගීන් රැගෙන යන රථ සඳහා මාර්ගයේ ගමන්කිරීම සඳහා පහසුකම් සපයා ඇති බවයි වාර්තා වන්නේ.

මැයි දිනයට සමගාමීව ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඒකාබද්ධව 1,600 කට ආසන්න භට සංඛ්‍යාවක් අදාළ කදවුරුවල පොරොත්තු සේවයේ තැබීමටත් සියලු කටයුතු සුදානම් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...